අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමි බුෂේ පායි විසින් රචිත ලිපි

සෑම විටම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙමි

අප ගියාවූ සභා රැස්වීමක පුරුද්දක් ලෙස ස්වාමින්ගේ යාච්ඤාව කියන විට අප අත් අල්ලාගෙන සිටියෙමු. මා එක් අතකින් මවගේද අනික් අතින් පියාගේද අත් අල්ලාගෙන සිටිද්දී මම සෑම විටම ඔවුන්ගේ දියණියය යන සිතුවිල්ලෙන් මම පුදුම වීමි. මම දැනට මැදිවියෙහි සිටියත් මම තවමත් "ලියෝගේ" සහ "ෆිලිස්ගේ" දරුවා යයි කියනු ලැබිය හැකිය. මම ඔවුන්ගේ දරුවා පමණක් නොව සෑම විටම දෙවියන්වහන්සේගේ දරුවාද බව මම වටහා…

පණිවුඩකරු

"ඔබට පණිවුඩයක් තිබෙනවා". මා සහභාගිවූ සමුළුවක සේවිකාවක් මට ලිපි කැබැල්ලක් දුන්නාය. මම බියවන්නද? සතුටු වන්නද? කියා කල්පනා කළෙමි. නමුත් එය කියවූ විට තිබුණේ "ඔබට ඥාති පුත්‍රයෙකු ලැබුණා" කියාය. මට ප්‍රීති විය හැකි බව මම දැන ගතිමි.

පණිවුඩ වලට හොඳ ආරංචි, නරක ආරංචි හෝ අභියෝගාත්මක වචන ගෙන ආ හැකිය. පරණ ගිවිසුමේ බලාපොරොත්තුවේ හෝ විනිශ්චයේ පණිඩුඩ ගෙන ඒමට අනාගතවක්තෘන් භාවිතා කළ සේක.…

නත්තල් ලිපියක්

සෑම නත්තලකදීම මාගේ මිතුරෙකු තම භාර්යාවට දීර්ඝ ලිපියක් ලියයි. එම වසරේ සියල්ල පුනරීක්‍ෂණය කර අනාගතය ගැන ඔහු සිහින දකී. සැමවිට තමාගේ භාර්යාවට කොතරම් ප්‍රේම කරනවාදැයි ඔහු පවසයි. ඊට හේතුවද ඔහු කියයි. එසේම ඔහු තම දුවරුන් එකිනෙකාටද ලිපි ලියයි. ඔහුගේ ප්‍රේමයේ වචන අමතක නොවන නත්තල් තෑග්ගක් වේ.

මුල් නත්තල් ලිපිය මාංශවත්වූ වචනය වන යේසුස්වහන්සේ බව අපට කිව හැකිය. යොහන් මෙම සත්‍යය…

සැඟවුනු සේවයක්

විශාල අධ්‍යාපන ව්‍යාපෘතියක් මට බරක් වී තිබුණි. නියමිත දිනට එය අවසන් කර ගැනීමට පුළුවන් වේදැයි මම කණස්සලු වීමි. මාගේ කණස්සල්ල මධ්‍යයෙහි මා දිරිමත් කරන පණිවුඩ තුනක් මාගේ මිතුරන්ගෙන් ලදිමි. ඔවුන් එකිනෙකා පැවසුවේ "මම යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ ඔබව මට මතක් කළා" කියාය. මා ගත කරන කාල පරිච්ඡේදය නොදැන ඔවුන් මට පණිවුඩ එවීම නිසා මම දිරිමත් වීමි. මට යටහත් කමක් දැණුනි.…

සිවලුන් ඇල්ලීම

මුහුද අද්දර සිටින මිතුරෙකු සමග කථා කරමින් සිටින විට මුහුදු ලිහිණියන්ගේ කෑගැසීම අසා මම සන්තෝෂය ප්‍රකාශ කළෙමි. "වල් සත්තු" ඇයගේ ප්‍රතිචාරය එසේ විය. ඇයට දිනපතා එය කරදරයකි. ලන්ඩන්හි පදිංචිකාරියක් ලෙස මට සිවලුන් ගැන ඇත්තේද එවැනි අදහසකි. මට උන් හුරුබුහුටි සතුන් ලෙස පෙනෙන්නේ නැත. මට උන් පෙනෙන්නේ එහේ මෙහේ ඇවිදින පාර දෙපස ජරා කරන සතුන් ලෙසය.

සාලමොන්ගේ ප්‍රේම කෘතියෙහි සිවලුන් ඉස්මතුවේ.…

බලාපොරොත්තු නොවූ කරුණාව

මාගේ මිතුරිය මිළදී ගත් භාණ්ඩවලට මුදල් ගෙවීමට සුපිරි වෙළඳසැලේ පෝලිමේ සිටින විට ඇය ඉදිරියෙන් සිටි කෙනෙකු හැරී ඇයට ඩොලර් 14 ක වවුචරයක් දුන්නේය. ඔහුගේ කරුණාවන්ත ක්‍රියාව නිසා තිගැස්සී ඇය කඳුළු සැළුවාය. ඉන්පසු හැඬීම නිසා ඇය ඇයටම සිනහ වූවාය. වෙහෙසකාරී කාලයකදී මෙම බලාපොරොත්තු නොවු ක්‍රියාව ඇයගේ සිත ස්පර්ශ කළේය. ඇයට බලාපොරොත්තුවක් දුන්නේය. තව පුද්ගලයෙකු තුළින් ඇයට දෙවියන්වහන්සේ දිගුකළ යහපත්කමට ඇය ස්වාමින්…

ගොයම් කැපීම

ටැන්සානියාවේ මාගේ මිතුරියකට දර්ශනයක් තිබුණි. ඒ ඩොඩෝමා අගනුවර පාළු ඉඩමක් සංවර්ධනය කිරීමය. එහි සිටින වැන්දඹුවන්ගේ අවශ්‍යතා ඇය තේරුම් ගෙන ඇත. රූත් උත්සාහ කරන්නේ එම වඩ වගුරු පුරවා කුකුල් පාලනය සහ ගොවිතැනට හැරවීමටය. එම දර්ශනය පදනම් වී ඇත්තේ ඇය දෙවියන්වහන්සේට දක්වන ප්‍රේමය නිසාය. ඇයට උනන්දුව ලැබෙන්නේ බයිබලයේ සිටින රූත්ගෙනි. ඒ ඇයගේ නමද එයම වන හෙයිනි.

දෙවියන්වහන්සේගේ නීතිය වූයේ විදේශීය දුගීන්ට ඉවුරු…

උන්වහන්සේගේ අතෙහි කැටයම් වී

1800 ගණන්වල ලංඩනයේ තම සභාවේ සිටි චාර්ල්ස් ස්පර්ජන් විසින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අත්වල අපව කොට ගෙන ඇති බව සඳහන් වන යෙසායා 49:16 හි වටිනාකම ගැන දේශනා කිරීමට ඉතා ආශා විය. ඔහු කීවේ එවැනි ඡේදයක් සිය වාර ගණන් දේශනා කළ යුතුය කියාය. එහි ඇති සිතුවිල්ල ඉතා වටී. එය අපගේ මනසේ නැවත නැවත ක්‍රියාත්මක කළ හැකිය.

ස්වාමින්වහන්සේගේ සෙනඟවන ඉශ්‍රායෙල්වරුන්ට දුන් මෙම පොරොන්දුව සහ…

පර්වතය මත ඇති ගෙය

සෑහෙන කාලයක් ඔවුන්ගේ ගෙදර වාසය කළ පසු එම ගෙදර සාලය ගිලෙන බව මාගේ මිතුරෝ දැන ගත්තෝය. බිත්ති වල ඉරි තැලීම් මතු විය. ජනෙල් විවෘත කිරීමට නොහැකි විය. එම සාලය ගොඩනගා තිබුණේ අත්තිවාරමක් නොමැතිව බව පසුව ඔවුන්ට වැටහුණි. එය නිවැරදි කිරීම යනු අලුත් අත්තිවාරමක් දැමීමය. ඊට මාස ගණනාවක් ගතවනු ඇත.

ඔවුහු වැඩය අවසන් කළහ. මා එහි ගිය විට විශාල වෙනසක් නොපෙණුනි.…

අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු

අවමංගල්‍යය උත්සවයක මා හට යාච්ඤා මෙහෙය වීමට සකසා තිබූ යාච්ඤා කූඩුවේ සිට බලද්දී "මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු" (යොහන් 12:21) යනුවෙන් සඳහන් කර තිබූ පිත්තල පතුරක් දුටුවෙමි. අප කඳුළෙන් සහ සිනහවෙන් සමරන මෙම ස්ත්‍රිය තුළ යේසුස්වහන්සේ දුටු බව මතක් කිරීම කෙතරම් සුදුසුදැයි මම කල්පනා කළෙමි. ඇයට අභියෝග සහ බලාපොරාත්තු කඩවීම් පැමිණියද ඇය ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල කිසි දිනෙක අත්…